
මා විසින් වරදක් කර ඇත.
වැරදි සිදුවිම මනුෂ්‍ය ගතිය බව මා ද ඔප්පු කර පෙන්වා ඇත.
ඇතිවු සිදුවිම පිළිබදව බලවත් කනගාටුව ප්‍රකාශ කරමි.
මා හිතාමතා එවැන්නක් නොකල බව ඔබ සියලු දෙනාටම දැනුම් දීමට කැමැත්තෙමි.
මා විසින් 30/08/10 දින පල කරන ලද ආදර රෝස මල නම් ලිපිය ඊට පෙර දින එනම්, 29/08/10 දින සොඳුරු සිත නම් බ්ලොග් අඩවියේ පලවු ෴නුඹ දුන්න මල රෝස෴ නම් ලිපිය හා බෙහෙවින්ම සමාන හා එහි පලවූ වචනද ඒ ආකාරයෙන්ම යොදාගෙන ඇති බව ඉතා කනගාටුවෙන් ප්‍රකාශ කරමි .
මා හිතාමතා එවැන්නක් නොකල බව නැවත ද කියමි.
මම ද සොඳුරුසිතේ හිමිකාරිය වන වත්සලා සොයුරියට බෙහෙවින් ගරු කරමි.
මට ඇය ආසන්නයටවත් යා නොහැකි බවද ජේෂ්ඨ බ්ලොග් කරුවෙකු බවද මම දනිමි.
මම බ්ලොග් කරණයට අලුත් කෙනෙක්මි.
ඇයගේ ලිපිය කියවා එය මා සිත තුල තිබුනු බව මා පිළිගනිමි.
නමුදු මම ඇයගේ ලිපියෙහි වචන කොපි කිරිමක් නොකලෙමි.
පසුව මා හිතට පැමිණි අදහසක් ලිවෙමි.
එය මා ජිවිතයට ද සමීපය.
නමුත් වරදක් කිරිමේ අදහසක් මා තුළ නොතිබුනු බව සත්‍යකි. හදවතට එකගව මා එය පවසමි.
නමුත්, මා අතින් වැරැද්දක් වී යයි සොඳුරුසිතේ හිමිකාරිය වන ඇය හෝ ඔබලා සිතනවා නම් මම ඔබ සියලුදෙනා ගෙන් සමාව ඉල්ලමි.
මා හිතනා ආකාරයට ඇය සැබැවින්ම ගරු කල යුතු සොදුරු සිතක හිමිකාරියකි. ඇයට මා බෙහෙවින් ඇලුම් කරමි. ඇයට මගෙන් වරදක් වුවා යයි සිතිම ඉතා දුක්බර සිතිවිල්ලකි.
නමුදු , එය සිදුවී ඇත. කල යුත්තේ වරද නිවැරදි කිරිමයි.
සොඳුරුසිතේ හිමිකාරිය වන වත්සලා සොයුරියනි මා නුඹෙන් සමාව ඉල්ලමි.
මා නොදැනුවත්ව කල වරදට නුඹ සමාව දෙනු ඇතැයි මා සිතමි.
මා කල දෙයින් නුඹට යම් සිත් රිදිමක් වුනි නම් එයට මට සමාවුව මැනවි .
මා පිළිගන්නා පරිදි වරදක් කල පසු සමාව ඉල්ලිම කල යුතු වුවත්" නැවත එය නොකර සිටිම" ඉතා වැදගත් යයි සලකමි .
නිර්මාණකරුවෙකුගේ නිර්මාණය කොපි කිරිම එම නිර්මණකරුට කොතරම් වේදනාවක්දැයි මා හොදින් දනිමි.
" හිතාමතා නොකලත් වරද වරදමය" මා කර ඇත්තේ එයයි.
එබැවින් සියලුදෙනාගෙන් විශේෂයෙන් මා නිසා අපහසුතාවට පත් වු ඇයගෙනුත් නැවත සමාව ඉල්ලමි.
මේ කරුණ පිළිබදව මා දැනුවත් කල ෴සාඩම්බර හසී පවුල෴ සියල්ලන්ටම හදපිරි ප්‍රණාමය පුද කරමි.
එසේම මා නිසා ඔබලාද අපහසුතාවට පත් වුවා නම් එයටද සමාව ඉල්ලමි.
ඇගෙන් සමාව ඉල්ලන
මම
. . .හසී රන්. . .