හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

Monday, 25 October 2010

උරුමය

උරුම දුක නම්
කුමක් කරන්නද විදිනු මිසක්
සතුට මිරිගුවක් නම්
කුමක් කරන්නද පසුපස යනවා මිසක්

හිතන්නට මා ළග පෙර මෙන් හිතක් නැති
කියන්නට මගේ සිතිවිලි අහන්න කෙනෙක් නැති
වත්මන අතීතය ගැන පසුතැවිලි නැති
අනාගතේ මා නම් උනු කෙනෙක් නැති

අතීතයේ ඔහු ළග සිටියා මතක ඇති
පෙරදා මැව් සිහිනය ගැන වගක් නැති
කොපමණ ඇඩුවත් කිරි නම් එරෙන්නැති
මගේ පණ යතත් ඔහු නම් එන්නේ නැති

හිතේ දුකට කවි පද මට ලියවෙන්නේ
නෙතේ කදුලු නැත තාමත් වියලෙන්නේ
අතිතයේ සෙවණැලි යළි මතුවන්නේ
කියන් සකිය කෙලෙසද මා වාවන්නේ

ගෙවෙන හැම දිනයකම
පෙර මග බලා ඉමි
මේ රුදුරු තනිකම
සමග දිනෙක සමුගමි

යන්න යමි බොහෝ දුරක
නුඹට නොපෙනෙනා ඈතක
වල දැමුවද නුඹ මතක
නොකරමි මම එය කිසි දිනෙක


නුඹ වල දැමු මතකය
මම


. . .හසීරන්. . .

4 comments:

  1. හ්ම්..මං කියලා මොනවා කියන්නද..?
    මාත් ඔය බෝට්ටුවෙම වෙච්ච කොට...

    ReplyDelete
  2. නියමයි ඇත්තටම නියමයි .
    බ්ලොග් එක නම් මාර ලස්සනයි හිත නිවෙනවා මෙහාට ආවම .

    මේ බ්ලොග් එකට ජයවේවා !!

    ReplyDelete
  3. ර ත් ග ම යා @ බොහොම ස්තුතියි. . .

    මාරයාගේ හෝරාව @ හ්ම්. . .

    හිස් අහස @ මේ පැත්තේ ආවටත් සුභ පැතුමටත් බොහොම ස්තුතියි. . .

    ReplyDelete

කියවලා ඔබගේ අදහස් දක්වන්න හොද නරක අඩුපාඩු කියන්න
ඔබේ ඒ අදහස් මා දිරිගන්වයි මා නිවැරදි කරයි
ඔබලාට බොහොම ස්තුතියි. . .