
දමා හැර ගියද නුඹ මා
අතැර යා නොහැක ඒ අපේ ආදරය
මම ගියොත් තනි වේවි කොහේ හෝ
මේ අසුන්දර ලොවේ මුල්ලක පාලුවෙන්
දමා යා නොහැක මට
ඒ සුන්දර හසරැලි පිරි අතීතය
ඒ ගෙවු මතකයන් ඒ කතාවන්
කිසි දිනෙක හැර නොයමි
බලා හිදිමි පෙර දින මා පෙම් කල
නුඹ නැවත එනතුරා
අපේ ආදරය හා එකතු වී
ඔබත් මාත් තැනු ඒ ලොවේ සිට
බලා හිදිමි ජීවිතය ගෙවෙනාතුරා
මේ ස0සාරය කෙලවර වනතුරා
කවදා හෝ නිවන මා දකිනාතුරා
හිදිමි මග බලා නුඹ එනතුරා. . . . . . .
නුඹ එනතුරු මග බලා හිදිනා මම
. . .හසී රන්. . .
ලස්සන නිර්මාණයක් අක්කී
ReplyDeleteහසී පවුලට තවත් සාමාජිකාවක් වගේ........ ඇවිත් ගියපු පාරෙන් තමා ආවේ..... :) :)
ReplyDeleteනිර්මාණ සියල්ලම හරිම ලස්සනයි.......
(ඔක්කොම බැලුවට එක කමෙන්ට් එකයි.... සමාවෙන්න වෙලාව හිඟයි.......)
Hasitha ජයසූරිය...
ReplyDeleteබොහොම ස්තුතියි මල්ලියෝ :)
හා පැටික්කි...
බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට
එක කොමන්ටුවත් මට ශක්තියක් මම ඔයාගේ බ්ලොගයත් බලලා තියනවා කොමන්ටු නොදැම්මට තරහ වෙන්න එපා මම මේකට අලුත් නේ.
ආරන්චි විදිහට නම් හා පැටික්කි මේ දවස් වල තරග විභාගේ ලියනවලු නේද විභාගේ ඉහළින්ම පාස් වේවායි මම පතනවා :)