හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

Tuesday 23 November 2010

නුඹ එනවා නම්. . .


පිණි විසිරුනු තණ පලසේ
අහසේ තරු සේ දිලිසේ
මගේ අත ගෙන එහි යන්නට
ඔබ එනවා නම්...

පෝදා පැයු සද සේ
මාගේ ජීවන අඹරේ
සසර පුරා පායන්නට
ඔබ එනවා නම්...

සයුරේ නැගෙනා රළ සේ
අහසේ නැගෙනා තරු සේ
නිමක් නොවනා ආදරේ දෙන්නට
ඔබ එනවා නම්...

බෝ මලුවේ මැටි පහනක් සේ
ඝනදුර දුරු කර හිරු සේ
එළිය ගෙන දි දිවියට හෙට
නුඹ එනවා නම්...


නුඹ එනකම් බලන් ඉන්න
මම


. . .හසී රන්. . .

5 comments:

  1. දුක..දුකට හේතුව..
    තව කොච්චරකල් කියලා බලන් ඉන්නද නගේ...

    ReplyDelete
    Replies
    1. මාරයාගේ හෝරාව @ මෙච්චරක් කල් (Tuesday, November 23, 2010 10:34:00 AM - Tuesday, October 16, 2012 12:54:00 AM )

      Delete
  2. මම එන්නෙමි...
    නුඹ බලා හිඳී නම්....

    ReplyDelete

කියවලා ඔබගේ අදහස් දක්වන්න හොද නරක අඩුපාඩු කියන්න
ඔබේ ඒ අදහස් මා දිරිගන්වයි මා නිවැරදි කරයි
ඔබලාට බොහොම ස්තුතියි. . .