හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

Monday 6 December 2010

සුළගේ මේ අහන්න. . .



හිත මිතුරු සුළග ළග එන
වැහි වළාවට කියන්
දැන් නොපැමිණ තව ටිකකින්
වැහි රැගෙන එන ලෙසින්
වැහි වැටුනොතින් කුඩේ නැතිව
අනේ ඔහු තෙමේවි ඉතින්
ඒ නිසා වහින්න එපා යැයි
පතමි ආදරෙන් නිතින්. . .

වැස්සේ තියන සැර ගති අද අඩු වේවා
මගේ පැතුම ඒ ලෙසින්ම ඉටු වේවා
මගේ හිමි සදුට කරදරයක් නොම වේවා
මහ වරුසාව අද පොද වැස්සක් වේවා

හැම කටයුත්තක්ම හොදින් අද කර ගන්න
කිසිම කරදරයක් නොවී හැමදා සතුටින් ඉන්න
මවුපියෝ පතන ලෝකය හෙට ලැබදෙන්න
හැකි වේවා දෙවියනි මගේ පණ "ඔහු" රැකදෙන්න

හැමදාම සසරේ ඔබ හා එකටම යන්න
එක් උනු දෙ අත් කවදාවත් වෙන් නොමවන්න
නුඹේ මව සේ ම හැමදා නුඹ ළග ඉන්න
පැතුමක් පතමි එය එලෙසම ඉටු වෙන්න


ඔහු නොතෙමෙන්න පතන
මම

. . .හසී රන්. . .

අපි අපේම වෙනවා නම්. . .


පෙරදාක මගේ ලෝකෙට නුඹ ඇවිදින්
තබා ගිය ඔබේ පා සටහන් වල උණුසුම
මැකිලා ගියේ නෑ තාමත් මගේ රත්තරන්
එත් නුඹේ ලෝකෙට ම
¡ බර වැඩි හැමදාටම


මගේ දුකත් නුඹේ කරන්
ඔය හිත දුක් විදින තරම්
ඒ නිසාම නුඹට හොරෙන්
යන්නට යමි සදහට මම්. . .

ළගට වෙලා ආදරයෙන් ඉන්නට නැති උනත් වරම්
නුඹේ ලෝකේ කිරුළු පළන් රැජින වෙන්න පැතුවේ මම්
ඒ සුන්දර හීන ලොවෙන් පියවි ලොවට ඇවිල්ලා මම්
නුඹේ සුවදත් අරන් හොරෙන් පිටමන් වෙමි නොකියාම මම්. . .

රීදි තරුවෙන් මග සළකුනු අහන්
හිනා කැකුලු මල් පුබුදු කරන්
නව කුරුලු වෙසක් හිතින් අරන්
හිටියා පෙරදාක අනේ මේ මන්. . .

මගේ ලොවම අදුරු කරන්
කදුලු මට දායාද කරන්
තරුව ගියා දුරක ඉතින්
කරන්නේ කිම් අසරණ මන්. . .

කදුලු පොලොවටත් බර වැඩි දන්නවද
ඉතින් මා කෙසේ ඒ කදුලු උහුලම්ද
හීනයේ මා දමා ඔබ යන්න යනවාද
ගැස්ම වී මේ හදේ හැමදාම ඉන්නවද. . .


නුඹ මගේම වෙන්න පතන
මම


. . .හසී රන්. . .

Tuesday 23 November 2010

නුඹ එනවා නම්. . .


පිණි විසිරුනු තණ පලසේ
අහසේ තරු සේ දිලිසේ
මගේ අත ගෙන එහි යන්නට
ඔබ එනවා නම්...

පෝදා පැයු සද සේ
මාගේ ජීවන අඹරේ
සසර පුරා පායන්නට
ඔබ එනවා නම්...

සයුරේ නැගෙනා රළ සේ
අහසේ නැගෙනා තරු සේ
නිමක් නොවනා ආදරේ දෙන්නට
ඔබ එනවා නම්...

බෝ මලුවේ මැටි පහනක් සේ
ඝනදුර දුරු කර හිරු සේ
එළිය ගෙන දි දිවියට හෙට
නුඹ එනවා නම්...


නුඹ එනකම් බලන් ඉන්න
මම


. . .හසී රන්. . .

Monday 25 October 2010

උරුමය

උරුම දුක නම්
කුමක් කරන්නද විදිනු මිසක්
සතුට මිරිගුවක් නම්
කුමක් කරන්නද පසුපස යනවා මිසක්

හිතන්නට මා ළග පෙර මෙන් හිතක් නැති
කියන්නට මගේ සිතිවිලි අහන්න කෙනෙක් නැති
වත්මන අතීතය ගැන පසුතැවිලි නැති
අනාගතේ මා නම් උනු කෙනෙක් නැති

අතීතයේ ඔහු ළග සිටියා මතක ඇති
පෙරදා මැව් සිහිනය ගැන වගක් නැති
කොපමණ ඇඩුවත් කිරි නම් එරෙන්නැති
මගේ පණ යතත් ඔහු නම් එන්නේ නැති

හිතේ දුකට කවි පද මට ලියවෙන්නේ
නෙතේ කදුලු නැත තාමත් වියලෙන්නේ
අතිතයේ සෙවණැලි යළි මතුවන්නේ
කියන් සකිය කෙලෙසද මා වාවන්නේ

ගෙවෙන හැම දිනයකම
පෙර මග බලා ඉමි
මේ රුදුරු තනිකම
සමග දිනෙක සමුගමි

යන්න යමි බොහෝ දුරක
නුඹට නොපෙනෙනා ඈතක
වල දැමුවද නුඹ මතක
නොකරමි මම එය කිසි දිනෙක


නුඹ වල දැමු මතකය
මම


. . .හසීරන්. . .

Monday 20 September 2010

හිමි සද


සිතක ඇති දුක් වේදනා කවියේ නුඹේ ලියවිලා
පද පෙලක් අතර ඇති අරුම කිම සැගවිලා
ආදරය ආදරය ඉල්ලනේ කොදුරලා
හද සුසුම යන්න යයි බොල් සුලගේ පාවෙලා

හැමදාම හිත අඩයි අහිමි දේ ඉල්ලලා
දුරක ගිය මතකයන් ගැනම සිහිකරාලා
හිත දැවෙයි උහුලන්නේ කොම මම ඉවසලා
දුක අරන් ගී ලියමි සැනසෙන්න පතලා

කවිකාරි මා නොවේ ගී සින්දු පබදිනා
හැඩකාරි මා නොවේ නුඹේ ලොවම කලඹනා
මනහාරි මා නොවේ මනසේ නුඹේ ඇවිදිනා
හිතුවක්කාරි වෙමි නුඹව අමතක නොකරනා

ආදරේ දුක් ගීය ගයමි මම තනිවෙලා
නුඹ ගියත් දුර ඈත මා දමා පියඹලා
සෙවනැල්ල මම නොයමි නුඹව අතැරලා
දිවි ගෙවමි මගේ ලොව හිදිමි මා තනිවෙලා

ජිවිතේ හසරැල්ල මා දමා දුර ගියා
වසන්තය නුඹ හා හොර රහසේ පැන ගියා
කදුල මා බලාලා නිතර ඇවිල්ලා ගියා
මරණේ එයි කවදා හරි මාත් ඔහු හා ගියා

සිත මගේ නුඹ ගාව එය පරිස්සම් කර තියා
ගෙන එන්න මගේ මළගම දිනට අමතක නොකරලා
හැඩුවත් නෑසියන් හොර හිතක් ළග තියා
නාඩන්න මම හිදිමි නුඹේ එනතෙක් පෙර මග බලා

සසරේ හැමදා නුඹ හා එක මග යන්න
හැම භවයේම මා වෙනුවෙන් උපදින්න
හසකැන් වසන්තය මා වෙත ගෙන එන්න
අවසන් පැතුම නුඹ මගේ හිමි සද වන්න


අවසන් පැතුම පතන
මම

. . .හසීරන්. . .

Sunday 5 September 2010

සෑය බඳිමි. . .


රුවන්වැලි සෑය වගේ නුඹ මට
නමුදු තවම කොත් පළදවා නැති
දුටුගැමුණු රජ දවස මතකද නුඹට
හරියටම ඒවාගේමයි මට අමතක නැති

නිමවන්න පෙර මරණාසන්න වීය රජු සෑය
නිමවා මිස නොමියෙමි තිර අදිටනක වීය ඔහු
සැදුවෙමි ඔබ නමින් මමද මගේ සෑය
මමද නිමවන්නෙමි නොකර කිසිදා අත පහු

නැතත් සවිය මගේ ගතේ
ඇතේ සවිය මගේ සිතේ
ලියා ඇති පරිදි පොත පතේ
නිමවිය දුටුගැමුණු වැඩ කොතේ


අවැසිය සහය ඔබේ මට සසර පුරාවට
ඉන්නවා නේද නුඹ මගේ ළග නිරතුරාවට
චුඩාමානික්‍ය සෑයේ ඔබේ පළදවන්නට
බලා ඉන්නෙමි සබද එදින එනතුරාවට


එදින එනතුරාවට බලාඉන්න
මම

. . .හසී රන්. . .

Friday 3 September 2010

අයදිමි සමා නුඹෙන්. . .


මා විසින් වරදක් කර ඇත.
වැරදි සිදුවිම මනුෂ්‍ය ගතිය බව මා ද ඔප්පු කර පෙන්වා ඇත.
ඇතිවු සිදුවිම පිළිබදව බලවත් කනගාටුව ප්‍රකාශ කරමි.
මා හිතාමතා එවැන්නක් නොකල බව ඔබ සියලු දෙනාටම දැනුම් දීමට කැමැත්තෙමි.

මා විසින් 30/08/10 දින පල කරන ලද ආදර රෝස මල නම් ලිපිය ඊට පෙර දින එනම්, 29/08/10 දින සොඳුරු සිත නම් බ්ලොග් අඩවියේ පලවු ෴නුඹ දුන්න මල රෝස෴ නම් ලිපිය හා බෙහෙවින්ම සමාන හා එහි පලවූ වචනද
ඒ ආකාරයෙන්ම යොදාගෙන ඇති බව ඉතා කනගාටුවෙන් ප්‍රකාශ කරමි .

මා හිතාමතා එවැන්නක් නොකල බව නැවත ද කියමි.

මම ද සොඳුරුසිතේ හිමිකාරිය වන වත්සලා සොයුරියට බෙහෙවින් ගරු කරමි.
මට ඇය ආසන්නයටවත් යා නොහැකි බවද ජේෂ්ඨ බ්ලොග් කරුවෙකු බවද මම දනිමි.
මම බ්ලොග් කරණයට අලුත් කෙනෙක්මි.
ඇයගේ ලිපිය කියවා එය මා සිත තුල තිබුනු බව මා පිළිගනිමි.
නමුදු මම ඇයගේ ලිපියෙහි වචන කොපි කිරිමක් නොකලෙමි.
පසුව මා හිතට පැමිණි අදහසක් ලිවෙමි.
එය මා ජිවිතයට ද සමීපය.
නමුත් වරදක් කිරිමේ අදහසක් මා තුළ නොතිබුනු බව සත්‍යකි. හදවතට එකගව මා එය පවසමි.
නමුත්, මා අතින් වැරැද්දක් වී යයි සොඳුරුසිතේ හිමිකාරිය වන ඇය හෝ ඔබලා සිතනවා නම් මම ඔබ සියලුදෙනා ගෙන් සමාව ඉල්ලමි.
මා හිතනා ආකාරයට ඇය සැබැවින්ම ගරු කල යුතු සොදුරු සිතක හිමිකාරියකි. ඇයට මා බෙහෙවින් ඇලුම් කරමි. ඇයට මගෙන් වරදක් වුවා යයි සිතිම ඉතා දුක්බර සිතිවිල්ලකි.
නමුදු , එය සිදුවී ඇත. කල යුත්තේ වරද නිවැරදි කිරිමයි.

සොඳුරුසිතේ හිමිකාරිය වන වත්සලා සොයුරියනි මා නුඹෙන් සමාව ඉල්ලමි.

මා නොදැනුවත්ව කල වරදට නුඹ සමාව දෙනු ඇතැයි මා සිතමි.

මා කල දෙයින් නුඹට යම් සිත් රිදිමක් වුනි නම් එයට මට සමාවුව මැනවි .

මා පිළිගන්නා පරිදි වරදක් කල පසු සමාව ඉල්ලිම කල යුතු වුවත්" නැවත එය නොකර සිටිම" ඉතා වැදගත් යයි සලකමි .

නිර්මාණකරුවෙකුගේ නිර්මාණය කොපි කිරිම එම නිර්මණකරුට කොතරම් වේදනාවක්දැයි මා හොදින් දනිමි.

" හිතාමතා නොකලත් වරද වරදමය" මා කර ඇත්තේ එයයි.

එබැවින් සියලුදෙනාගෙන් විශේෂයෙන් මා නිසා අපහසුතාවට පත් වු ඇයගෙනුත් නැවත සමාව ඉල්ලමි.

මේ කරුණ පිළිබදව මා දැනුවත් කල ෴සාඩම්බර හසී පවුල෴ සියල්ලන්ටම හදපිරි ප්‍රණාමය පුද කරමි.

එසේම මා නිසා ඔබලාද අපහසුතාවට පත් වුවා නම් එයටද සමාව ඉල්ලමි.


ඇගෙන් සමාව ඉල්ලන
මම
. . .හසී රන්. . .


Monday 30 August 2010

ආදර රෝස මල


කදුලු එක්කර ලේත් කලවම් වුන
නුඹ දුන්න රෝස මල මට
ඒ රෝස මල කටු තිබුනත් වටිනවා හැමට වඩා
මන්ද ලොව කොතෙක් අය සිටියත්
නුඹ මටම එය දුන් නිසා
මා කදුලුත් ලේත් මුසු කර රකිමි මම
එය පණ දෙවැනි කොට
මලින් එන සුවදින් දැනෙන්නේ ඔබේ සුවදයි
එය මා අනන්තය කරා කැදවා යයි
ආදරය දැනෙයි මගේ හිත පතුලටම
නොමැති උනත් නුඹ මා ගාව දැන්
තාමත් එය ඇත මා ගාව
තුරුල් වීලා මගේ පපුවට
කටු ඇනී රිදුම් දෙයි හද
නමුත් තව තවත් තුරුල් කර ගනිමි
නුඹව මතකයට එන විට
ඒ දැනෙන වේදනාවද සුවයකි මට
කොතරම් මරණීය වේදනාවක් ගෙන ආවත්
ආදරෙයි මම හැමදාම නුඹහට. . .


නුඹට හැමදා ආදරය කරන
මම

. . .හසී රන්. . .

Tuesday 10 August 2010

රගහල





ජිවිතය රගහලකි අපි එහි නලුවෝ වෙති
සමහරු සම්මාන ලබති
සමහරු පැරද දුක් වෙති
සමහරු පලා යති
තරගයක යෙදෙති
සියල්ල ගත් කල අවසන් ඵලය ශුන්‍ය වෙති
මෙය තෝරා ගත නොහැකිව තව තවත් රග ප්‍රතිභාව පෙන්වති



ජිවිතය රගන මම

. . .හසී රන්. . .

Wednesday 28 July 2010

මගේ මැණික



ආදරණීය රත්තරන් මැණික මගේ මහත්තයෝ. . .
නුඹට මොන නමින් ඇමතුවද නොසැහෙයි මහේ හිතට
නුඹ මට ආදරෙයි කිව් දා පටන් මා සිතින් නුඹේ පතිනිය වීමි
නුඹ හා අපේම කියා ලොවක් තැනුවෙමි
එහෙත් සිතා ගන්නටත් පෙර මේ හමා ආ කුනාටුව කුමක්ද
එය හරිම අකාරුණිකයි
එය නුඹත් මාත් දෙපසකට වෙන් කලේය
ම0 මොන වරදක් කලාටද මෙහෙම වෙන්නේ ?
නුඹත් මාත් අසනා එකම පැණය මෙයයි
එත් කාගෙන්ද
එයට ලැබෙන්නේ පිළිතුරක්
කාලය අපිට ලබා දේවිද පිළිතුරක්
කුමක් වුවද මා දන්නේ එකම දෙයයි
ඒ මට නුඹ නැතිව ජිවත් වන්නට බැරි බව පමණයි
ඉවසමි මම නුඹ එනතුරා
නමුත් නුඹ නොආවොත්,
නුඹේ ආදරණීය පු0චි කුමාරි " සුදු "
මේ ලොව තවත් සුසුම් නොහෙලාවි. . .


නුඹේ "සුදු "වන මම


. . .හසී රන්. . .

Monday 26 July 2010

ගඩොල් කැට දෙක



මම මේ කතාව ගැන කලිනුත් කිවා තැනක ජිවිත ගීතය මෙතනින් බලන්න දැක්කේ නැත්තම්

දැන් කතාවට බහිමු

ඔන්න මේ කතාව මම ඇහුවේ අජාන් බ්‍රහ්මව0සෝ කියලා හාමුදුරු කෙනෙකුගේ බණකදී මේ හාමුදුරුවෝ පුදුම දක්ෂයි කතා අනුසාරයෙන් බණ කියන්න බටහිර ඉපදිලා එහිම උසස් අධ්‍යපනය හදාරලා උපාධ්ත් කරලා පස්සේ තමා පැවිදි වෙලා තියෙන්නේ
තායිලන්ත වනගත සම්ප්‍රදාය අනුව පුහුණුව ලබපු ඒ කියන්නේ මේ හාමුදුරුවෝ මිලිටරි කොස් එකක් කරලා කියන අදහස නෙවේ කිවට මොකො සමහරු එහෙම හිතන්න ඉඩ තියෙනවනේ

හරි වනගත සම්ප්‍රදාය කියන්නේ ඔය අපේ රටේ ආරණ්‍ය කියලා අන්න ඒ වගේ ජිවත්විම එත් මේක ටිකක් වෙනස් ඒ කිවේ අපේ ආරණ්‍ය වල නම් හාමුදුරුවන්ට ඉන්න කුටි මිනිස්සු හදලා දෙනවනේ මේ කියන වනගත සම්ප්‍රදාය එහෙම බැහැ ඔක්කොම වැඩ තමන් කර ගන්න ඕන

දැන් බලනවා ඇති මොකටද මේවයේ විස්තර කියනේ මේකිට පිස්සු කියලා ටිකක් පිස්සු නම් තමා :) මොකද මම කියන්න යන කතාවට මේවා සම්බන්ධයි

හරි හරි ඔන්න දැන් කතාව

ඉතින් මේ හාමුදුරුවො ඔය කාලේ ඒ කිවේ ආරණ්‍යයේ ඉන්න කලේ එකේ කුටි වගයක් හදන්න උනාලු දැන් මේ හාමුදුරුවන්ට බාර උනාලු එක පැත්තක බිත්තියක් බදින්න එත් ඉතින් මේ උපාධ් කරලා මහණ වෙන්න ආපු මම දන්නවද බිත්ති බදින්න කියලා හිතුනාලු අනේ එත් මොනා කරන්නද දැන් මේක කරන්න ඕනනේ කියලා පටන් ගත්තා ඔන්න වැඩේ

බදාම ටිකක් අතුරලා ගඩොල තියලා මේ කොනට පොඩි තට්ටුවකුත් ඒ කෙළවරට පොඩි තට්ටුවකුත් දලා ගඩොල් බදින හැටි පෙන්න පහසු වැඩක් උනත් හරිම අපහසු වැඩක් උනා. මම ගඩොල් බැදිම පටන් ගත් මුල් කාලයේ ගඩොල තබා මට්ටම් කිරිම සදහා එක් කෙලවරකට තට්ටු කරන විට අනෙක් කෙලවර ඉස්සෙන අතර එය පහත් කිරිමට තට්ටු කරන විට ගඩොල පේළියෙන් ඉවතට පනී. එය කෙලින් කිරිමට හෙමින් උත්සාහ කරන විට පළමු කෙලවර නැවතත් උසින් වැඩිවේ.
භික්ෂුවක වු නිසා මට ඇතිතරම් කාලයත් ඉවසීමත් තිබිණි. කොපමණ කාලයක් වැය උනද මම සැම ගඩොලක් ම නියම ආකාරයෙන්ම තැබිමි.

අවසානයේ දි බිත්තිය අවසන් කොට එහි හැඩ වැඩ බැලිමි.එවිටයි මා දැක්කේ මවිසින් ගඩොල් දෙකක් හරි හැටි නොබැද ඇති බව. අනෙක් සියලුම ගඩොල් ඉතා හොදින් පේළියට තිබු අතර මේ දෙක පමණක් පැතකට ඇලවී තිබිනි. ඒවා ඉතා අවලක්ෂණ ලෙස කැපි පෙනෙන්නේ යයි මට සිතුනි. මේ ගඩොල් දෙක නිසා මුලු බිත්තියම නිසියාකාරව තැනි නැති බවක් මට පෙනිනි.

ඒ වන විට සිමෙන්ති බදාම හොදින් සවි වී තිබුන නිසා ඒවා ගැලවිය නොහැකි නිසා, බිත්තිය කඩා දමා නැවත බැදිම පිණිස ලොකු ස්වාමින් වහන්සේගෙන් අවසර ඉල්ලුවෙමි. මේ සිදුවිමෙන් මම මහත් ලැජ්ජාවකට පත් උනෙමි. නමුත් ස්වාමින් වහන්සේ පැවසුවේ එය එසේම තබන්න කියායි. ඉදිකරගෙන එන අපේ ආශ්‍රමයට පැමිණෙන කිසිවෙකු මේ බිත්තිය දකිනවාට මගේ කැමත්තක් නොවිය.
එහෙත් මාස තුන හතරකට පසු අපේ ආශ්‍රමයට පැමිණි දායක මහතෙකු සමග මම මේ ඉහත කි බිත්තිය අසලින් ගමන් කලෙමි. එවිට ඔහු නිකමට මෙන් පැවසු දෙයින් මාව පුදුමයට පත් වීය.
" අන්න ලස්සන බිත්තියක් "
" මහත්මයාණනි, ඔබ ඔබේ කණ්ණාඩිය කාරයේ දමා ආවාද ?
නැතහොත් ඔබේ ඇස් වල මොනයම් දුර්වල කමක් තිබේද ?
ඔබට පෙනෙන්නෙ නැද්ද ? අර නරක ගඩොල් කැට දෙක නිසා මුලු
බිත්තියම ම අවලස්සන වී ඇති බව "

මම විමතියෙන් ප්‍රශ්න කලෙමි.
ඉන් පසු ඔහු පැවසු දෙයින් මගේ සම්පුර්ණ අදහස පමණක් නොව මා ගැනත්, ජිවිතයේ වෙනත් දේ ගැනත් මගේ අදහස වෙනස් විය.

ඉතිරිය තවත් කොටසකින් ඉදිරියෙදි :D :D :D

කුමක්ද වටින දේ


අමතක කරන්න
අමතක කරන්න
ඉවසන්න ඉවසන්න
එපා අඩන්න
අමාරුවෙන් හරි හිනා වෙන්න
කොහොම හරි නැගිටින්න

කියනවා කොයි කවුරුත්
කරන්න ඕන බව දන්නවා මාත්
නොහැකිව ලතැවෙයි සිතත්
නැගිටිමි නමුදු වැටෙයි හෙටත්

මොනවාද ම0 ඔයාට ඔච්චරටම කලේ
විමසයි නුඹත් ලෝකයත් මගෙන්
නමුත් පෙරදා මා කලාවු ආලේ
දුරස් වී ඇත් මගේ හිත මා ගෙන්

ගැහැණියකට හිමි වටිනාම දෙය
ඇගේ හිතද නැත්නම් කන්‍යා බවද
කවුරුද පහදා දෙන්නේ මට එය
නුඹද නුඹ මගෙන් වෙන් කල ලෝකයද

හිත කයෙන් දුරස් වු කල
අඩක් මිය ගිය මල කදක් මෙන
කෙසේ සැරිසරම්ද තුටින ලොව එකල
මලත් නටුවෙන් ගිලිහුනා වැන. . .


ඉවසන්න නොහැකිව ලතැවෙන මම

. . .හසී රන්. . .

Saturday 24 July 2010

රන් කුඩුව



රනින් දඹ රන් කුඩුවේ සිරවී
සිටිනා ගිරවිය මම වෙමි
පෙනුනත් සතුට මුහුණෙන් මැවී
ජීවිතය දුකසේ ගෙවන්නෙමි

දුකින් ඉන්නෙමි තැවි තැවි
සතුට මට මිරිගුව වැනි
හිරුගේ දහරින් මැල වේවි
පරවු කැකුල ද මා වැනි

ජීවිතයේ අර්ථය සොයමි
පහදන්න කවුරුත් නොමැති
සිනහවට යන මග සොයමි
කදුල විත් මග අහුරවති

අහස ගුගුරා ඇද හැලෙන්නේ
දැස මගේ හෙලු කදුලු මයි
දසත විහිදි ඒ හමන්නේ
දුකට මම හෙලු සුසුම් මයි

ළගට ආවේ නුඹ එදා
කුඩුවෙන් මා මුදනා නියා
කොහේ ද ඉන්නේ නුඹ මෙදා
ගියේ ද නුඹ මා හැර පියා. . . .

මෙසේ ලියන මම

. . .හසී රන්. . .

පොපියන හදවත සිටි බලා...



සදකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවේ
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඇතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැල වෙද්දී

දහසක් පෙති මත රහසක් කොදුරා
තුඩින් තුඩට ගෙනයන බින්දු
ගවුක් ඉහලට ගොනු කොට රදවා
පොපියන දෙතොලක් එහි රැන්දු
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුසුවුනු වැහි බින්දු
ඈ ගෙන යද්දී නටබුන් අතරේ
තවකෙක් ඈ වෙත හද රැන්දු

හද විල ඉපදුනු කැකුලක් නොතලති
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුන කදුලක්
සත් සමුදුරකට මුසුව ගියා
ඔබට උරුම උන රිදුනු තැවුනු හද
එක්ටැම් මැදුරක කදුලු අරා
රුවන් විමානෙක පියබ එනතුරු
පොපියන හදවත සිටි බලා. . .


ඔබ එනතුරා හිදින මා

. . .හසී රන්. . .

ගීතය මෙතනින් බලන්න http://www.youtube.com/watch?v=DdDbIQCAyh8

Thursday 22 July 2010

මරණයට පෙර



පෙම්වත ඔබ කොහිද
ලෝකයේ මා දමා තනිව
ගියේ නුඹ කොයිබටද
නිතර විමසයි මගේ හදවත

අතින් අල්ලා තුරුලු කර ගත්
පෙර දවස කොතරම් සොදුරුද
නුඹ නැතිව වැලපෙයි සිතත්
කාලය කොතරම් නපුරුද

නුඹෙ ඔය ලය මත ඩ්Oගක් හිස තියන්න
උණුහුමට ආසයි තුරුලු වී ඉන්න
නොඉදුල් දෙතොල මගේ සිපගන්න
ජිවිතෙන් එක දිනක් මට දෙන්න

මේ කුසුම පර වෙන්න පෙර
සමනලයෝ නුඹ එන්න
අවසන් හුස්ම හෙලන්නට පෙර
මා දකින්නට නුඹ එන්න. . .


පරවන්න යන කුසුම මම

. . .හසී රන්. . .

Wednesday 21 July 2010

හිදිමි මග බලා...



දමා හැර ගියද නුඹ මා

අතැර යා නොහැක ඒ අපේ ආදරය

මම ගියොත් තනි වේවි කොහේ හෝ

මේ අසුන්දර ලොවේ මුල්ලක පාලුවෙන්

දමා යා නොහැක මට

ඒ සුන්දර හසරැලි පිරි අතීතය

ඒ ගෙවු මතකයන් ඒ කතාවන්

කිසි දිනෙක හැර නොයමි

බලා හිදිමි පෙර දින මා පෙම් කල

නුඹ නැවත එනතුරා

අපේ ආදරය හා එකතු වී

ඔබත් මාත් තැනු ඒ ලොවේ සිට


බලා හිදිමි ජීවිතය ගෙවෙනාතුරා
මේ ස0සාරය කෙලවර වනතුරා
කවදා හෝ නිවන මා දකිනාතුරා
හිදිමි මග බලා නුඹ එනතුරා. . . . . . .


නුඹ එනතුරු මග බලා හිදිනා මම

. . .හසී රන්. . .

Tuesday 20 July 2010

ජිවිත ගීතය



හිතට දුකක් දැනුන වේලාවකට මේ කවි පදය මතක් කර ගත්තම මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා මේ පද පේළි කිපයෙන් ජිවිතයේ අර්ථය මොනවට පැහැදිලිකරලා හිතන්න යමක් අපිට ලබා දෙනවා

මේ ගීතය තියෙන්නේ ගජමන් නෝනා කතාවේ මට මතකයි ඉස්සර හරි ආසාවෙන් බලනවා දැන් ට්ව් එකේ යන්නේ මොනවද කියලා හිතෙනවා ඒවා දැක්කහම දැන් ලෝකේ අලුත් වෙලානේ අනේ මන්දා මිනිස්සුන්ට තමන්ගේ ජිවිතේ ගැන තියා කැමක් බිමක් ගැනවත් හිතන්න වේලවක් නැහැ ඔහේ ට්ව් එක දිහා කට ඇරන් බලාගන තියන මොනා හරි බඩට දා ගන්නවා
කැරකෙන ලෝකේක අපි හැල්මේ දුවනවා කිය කියා ඉන්නවා අනුන්ගේ ඇද හොයන්න නම් වේලාව එමට තියනවා කොහොමටත් හැමෝටම තමන්ගේ බිත්තියේ ඇද ගඩොල් අපිට පෙන්නේ නැහැ අනුන්ගේ බිත්තිවල ඇද ගඩොල් මිසක් . . .

මේ ඇද ගඩොල් කැට දෙකේ කතාව හරි පහසුයි අපිට අපේ ජිවිත ගැනම ආපහු හැරි බලන්න කෝ ඇද ගඩොල්,ඇද ගඩොල් කියනවා මිසක් කතාව කිවෙ නැහැනේ

ඒ කතාව ඊළග පොස්ට් එකට දාන්නම් මොකද ටිකක් දිග වැඩි


ආවේගය



කලු කරලා වැහැපන් වැහි වළාවේ
තද කරලා හමපන් මහ කුනාටුවේ
ගස් වල් පෙරලිලා ඔහේ ගියාවේ
පොළොව දෙදරලා ගිනි කදු මතු උනාවේ


අහස ගුගුරලා අකුණු කොටපන්නේ
ලොකු ලොකු වැහි බින්දු පොළොවට හෙලපන්නේ
සැඩ වී ගO වතුරත් ගලපන්නේ
අනේ මාත් ඒ වතුරේ පලයන්නේ


කන්දක් කඩලා මා වෙත හෙලපන්නේ
මහමෙර තරම් හද ගිනි මා නිවපන්නේ
මාවත් අරන් යන ලොකේක පලයන්නේ
හෙට හිරු පායාවි මා එය නොදකින්නේ


අහස ගුගුරලා මහ වැසි වැටුනු රැයේ
දුකද දැනේ නොනිදමි මේ පාලු රැයේ
සයුරේ වතුර ගෙන හෙලුවත් මාගේ ලයේ
නුඹ දුන් ගින්න නම් නිවිලා නොයේ


පිලිගන් සබද මම මේ සැඩ සුළග වැනි
සිටිය නොහැක මට නම් එක තැනක රැදි
හදවත් වල දුක් ගිනි ගෙන යනවා වැනි
මට ලන් වන්න නුඹ හට නම් නොහැකි වෙති


නො එන්නම යන්නෙමි මම
හැමට සෙත් වෙන්න පතනවා මම
ආදරෙයි නුඹලා හැමට මම
අමතක කරනු මා පසුපස නො එනු හැම





මෙහෙමම වෙන්න පතන මම


. . .හසී රන්. . .

Wednesday 14 July 2010

මේ ගීතය නුඹ වෙනුවෙනුයි අයියණ්ඩියේ. . .




පාරමි දම් පුරමු අප දෙදෙනා
මටම අයියණ්ඩියක වී නුඹ
නැගණි වී මා එකම මවි කුස
සසර මතු උපත ලබනට
පාරමි දම් පුරමු අප දෙදෙනා. . . .

ගවුම් පොඩියක් මටත් අන්දා
කොණ්ඩ කරලක් හිස පලන්දා
යනෙන මාවත දකුණු පැත්තෙන්
මාව පාසල් එක්කරන් යන
මටම ඔබ අයියණ්ඩියක වේවා
ජාති ජාතිත් ස0සාරේ. . . . .

පාරමි දම් පුරමු අප දෙදෙනා. . . .

ලමාවිය ඉක්මවා දවසක
ප0චකල්‍යාණියක වී මා
සිරිත් ලෙස කුලගෙයට යන දා
හීනයක් සේ මතක් වෙයි මට
අපේ හසරැල් බිදුනු පෙම් ලොකේ
පුර්ව ආත්මෙක ස0සාරේ. . . . .

පාරමි දම් පුරමු අප දෙදෙනා. . . .


පුදුම තරම් හිතට දැනෙන ගීතයක් තේරුම පුදුමාකාර ලස්සනයි
කැමති නම් ඔයාලත් අහන්න

තේරුම පුදුමාකාර ලස්සනයි
මට සහෝදර සහෝදරියෝ නැති නිසා හුගාක් හිතට දැනුනා
මගේ යාලුවො කියනෙ නැති එකමයි හොද කියලා
ඒ ඒයාලාට ඉන්න නිසා
ඒත් අපිට යමක් නැති උනාමයි එහි අගය අපට දැනෙන්නේ
කොච්චර රණ්ඩු උනත් ගහගත්තත් ඒ අය අතර ඇති බැදිම නැති වෙන්නෙ නැහැ
ඒක නිසා මොනා උනත් සහෝදරයෝ නැත්තම් හොදයි කියලා හිතන්න එපා

මේ ගීතයෙන් කියවෙන්නේ ඊටත් වඩා ගැඹුරු අර්ථයක් ඒ අත්දැකිමකුත් මට තියනවා
මේ ගීතය නුඹ වෙනුවෙනුයි අයියණ්ඩියේ. . . . . . . . . .

ඒ නිසා ,

ඔබේ නැගණිය වන්නට බලා හිදින මා


. . .හසී රන්. . .

Thursday 1 July 2010

නිවන

මුව අග හසරැලි හිත තුල නැත්තම්
වදනක මුදු බව හද තුල නැත්තම්
අනුන් ගේ දියුණුව උහුලන් නැත්තම්
නිවන් ලබන්නට කොහේදෝ වත්කම්


පැල ඉනිවැට ළග බවුන් වඩන සිත
තරගෙට බුදු ගෙයි බුදුන් වදින අත
තව කෙනෙකුගේ දුක දකින බැරි නෙත
කවදා කොයි ලෙස නිවන් දකින්නද

මුදලට මිනිසත් කම විකුණනවලු
රැපියල් සත ළග දනින් වැටෙනවලු
මං වැරදුනු පසු දහම් අහනවලු
තුන් සිත රවටා නිවන් සොයනවලු

**********

නිවන් මගට පාර සොයන මම
. . .හසී රන්. . .

(මේක මගේ නිර්මණයක් නොවේ. ලස්සන පණිවිඩයක් හැමෝටම දෙන නිසා දැම්මා. මෙය අපේ දහම් පාසලේ එල්ලා තිබුනු කවි පන්තියක් කාගේ නිර්මාණයක් දැයි නොදනිමි. නිර්මාණකරු මාහට කමත්වා. )

බලා ඉන්නෙම්

මගේ හිත ප්‍රීතියෙන් පිනා යයි

මගේ මනදොළ අමාවක සිට ක්‍රමයෙන්

වෙනස් වෙයි පුර්ණ චන්ද්‍රයා කරා

කවදා හෝ ඔබ මා හමු වු විට. . .

පැමිණි ජීවිත ගමනේ ගිම්හානය නිමා කරමින්

වසන්තය කැදවයි යළි මා වෙත

කවදා හෝ ඔබ මා හමු වු විට. . .

නමුදු ඔබ මා හමුවෙතැයි මා මනස කීවද

බියක් දැනෙයි හදවතට අපි

කවදාවත් හමු නොවුනොත්

මේ වේදනාව මට ජීවිතයටම උරුම වෙයි කියා

නමුත්,

කවදා හෝ ඔබ එතැයි හදවත නිතර කියයි

මම මගේ ජීවිතයෙන්

කිසිවක් නො ඉල්ලමි

මහත් නො ඉවසිලිමත් බවක්

හද තුළ තෙරපෙයි

අනේ කවදා හෝ ඔබ හමු වේ නම්

දැනේවි එදිනට ලොවම

මගේ පාමුල ඇති වග. . .

**********

නොඉවසිල්ලෙන් බලා හිදින මම
. . .හසී රන්. . .

සතුට

පිපෙන්න ආසයි නටු අග මලක් වී

ඒ මල දරන ගස නුඹ නම්. . .

ගලන්නට ආසයි දොලක් වී

එය පිළිගන්න සාගරය නුඹ නම්. . .

වැටෙන්නට ආසයි මහා වර්ෂාව වී

එය සිඹින මිහිතලය නුඹ නම්. . .

නැගෙන්නට ආසයි සිනහවක් වී

එය අයිති මුව නුඹේ නම්. . .

ඉන්න ආසයි කොරෙක් වී

හවුහරණ සපයන රෝද පුටුව නුඹ නම්. . .

ඉන්නට ආසඉ අන්ධයෙකු වී

මග පෙන්වන සැරයැටිය නුඹ නම්. . .

ඉන්න ආසයි මම මම ම වී

නුඹ මා අසල සිටී නම්. . .

මැරෙන්නට වුවද මම ආසයි

මා වෙනුවෙන් නුඹ ජීවත්වනවා නම්. . .

*********

නුඹ වෙනුවෙන්ම ජිවත්වන මම
. . .හසී රන්. . .