හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

Friday 3 September 2010

අයදිමි සමා නුඹෙන්. . .


මා විසින් වරදක් කර ඇත.
වැරදි සිදුවිම මනුෂ්‍ය ගතිය බව මා ද ඔප්පු කර පෙන්වා ඇත.
ඇතිවු සිදුවිම පිළිබදව බලවත් කනගාටුව ප්‍රකාශ කරමි.
මා හිතාමතා එවැන්නක් නොකල බව ඔබ සියලු දෙනාටම දැනුම් දීමට කැමැත්තෙමි.

මා විසින් 30/08/10 දින පල කරන ලද ආදර රෝස මල නම් ලිපිය ඊට පෙර දින එනම්, 29/08/10 දින සොඳුරු සිත නම් බ්ලොග් අඩවියේ පලවු ෴නුඹ දුන්න මල රෝස෴ නම් ලිපිය හා බෙහෙවින්ම සමාන හා එහි පලවූ වචනද
ඒ ආකාරයෙන්ම යොදාගෙන ඇති බව ඉතා කනගාටුවෙන් ප්‍රකාශ කරමි .

මා හිතාමතා එවැන්නක් නොකල බව නැවත ද කියමි.

මම ද සොඳුරුසිතේ හිමිකාරිය වන වත්සලා සොයුරියට බෙහෙවින් ගරු කරමි.
මට ඇය ආසන්නයටවත් යා නොහැකි බවද ජේෂ්ඨ බ්ලොග් කරුවෙකු බවද මම දනිමි.
මම බ්ලොග් කරණයට අලුත් කෙනෙක්මි.
ඇයගේ ලිපිය කියවා එය මා සිත තුල තිබුනු බව මා පිළිගනිමි.
නමුදු මම ඇයගේ ලිපියෙහි වචන කොපි කිරිමක් නොකලෙමි.
පසුව මා හිතට පැමිණි අදහසක් ලිවෙමි.
එය මා ජිවිතයට ද සමීපය.
නමුත් වරදක් කිරිමේ අදහසක් මා තුළ නොතිබුනු බව සත්‍යකි. හදවතට එකගව මා එය පවසමි.
නමුත්, මා අතින් වැරැද්දක් වී යයි සොඳුරුසිතේ හිමිකාරිය වන ඇය හෝ ඔබලා සිතනවා නම් මම ඔබ සියලුදෙනා ගෙන් සමාව ඉල්ලමි.
මා හිතනා ආකාරයට ඇය සැබැවින්ම ගරු කල යුතු සොදුරු සිතක හිමිකාරියකි. ඇයට මා බෙහෙවින් ඇලුම් කරමි. ඇයට මගෙන් වරදක් වුවා යයි සිතිම ඉතා දුක්බර සිතිවිල්ලකි.
නමුදු , එය සිදුවී ඇත. කල යුත්තේ වරද නිවැරදි කිරිමයි.

සොඳුරුසිතේ හිමිකාරිය වන වත්සලා සොයුරියනි මා නුඹෙන් සමාව ඉල්ලමි.

මා නොදැනුවත්ව කල වරදට නුඹ සමාව දෙනු ඇතැයි මා සිතමි.

මා කල දෙයින් නුඹට යම් සිත් රිදිමක් වුනි නම් එයට මට සමාවුව මැනවි .

මා පිළිගන්නා පරිදි වරදක් කල පසු සමාව ඉල්ලිම කල යුතු වුවත්" නැවත එය නොකර සිටිම" ඉතා වැදගත් යයි සලකමි .

නිර්මාණකරුවෙකුගේ නිර්මාණය කොපි කිරිම එම නිර්මණකරුට කොතරම් වේදනාවක්දැයි මා හොදින් දනිමි.

" හිතාමතා නොකලත් වරද වරදමය" මා කර ඇත්තේ එයයි.

එබැවින් සියලුදෙනාගෙන් විශේෂයෙන් මා නිසා අපහසුතාවට පත් වු ඇයගෙනුත් නැවත සමාව ඉල්ලමි.

මේ කරුණ පිළිබදව මා දැනුවත් කල ෴සාඩම්බර හසී පවුල෴ සියල්ලන්ටම හදපිරි ප්‍රණාමය පුද කරමි.

එසේම මා නිසා ඔබලාද අපහසුතාවට පත් වුවා නම් එයටද සමාව ඉල්ලමි.


ඇගෙන් සමාව ඉල්ලන
මම
. . .හසී රන්. . .


9 comments:

  1. මම හිතන්නේ ඔබේ අතින් වරදක් වෙලා තියෙනවා නම් ඒක පිළිගත්ත එක ඉතාම හොඳ දෙයක්...
    වත්සලා වුණත් හැම දේම හොඳට දන්න උගත් කෙනෙක් නිසා සමාව ලැබීම පිළිබඳව ගැටළුවක් ඇතිවෙන එකක් නැහැ...

    ReplyDelete
  2. අක්කගේ නිහතමානී කමට ගරු කරනවා.

    ReplyDelete
  3. වැරදි සිදුවීම මිනිස් ගතියයි...
    සමාව දීම දේව ගතියයි...

    ReplyDelete
  4. වැඩිය ගනන් ගන්න එපා... ඇය සමාව දේවි.... අපෙන් නම් අඹ මල් රේනුවක ප්‍රශ්නයක් නෑ

    ReplyDelete
  5. Hi My Dearest Friends,
    Now we are provide for you free image hosting service .This is the most believable hosting service. because of we can't delete any of images you submitted .so now you can host ,share ,and collect your photos and images free of charge Don't think other things , hurry up come and join with us .

    Thanks
    Enjoy with Imagesharingsites.com

    ReplyDelete
  6. වුන වැරැද්ද පිළිගැනීම පිළිබදව අපි අක්කි ගැන ආඩම්බර වෙනවා.අර කිව්වත් වගේ වැරදි වීම මනුස්ගතියක් සමාව දීම දේව ගතියක්...එතකොට වැරැද්ද පිළිගැනීම දෙවගතියටත් වඩා උතුම් දෙයක්....නුඹ අපේ පවුලේ සාමාජිකාවක් වීම පිළිබදව ඉමහත් සතුටට පත්වෙනවා.....

    අපි
    හසී පවුල

    හසී පවුල වෙනුවෙන්
    මම
    ෴ හසියා ෴

    ReplyDelete
  7. අදහස් දැක්වු සියලුදෙනාට බොහොමත්ම ස්තුතියි. . .

    :)

    ReplyDelete
  8. මුලින්ම කියන්න ඕන ඔය නිහතමානීකමට මමත් හිස නමා ආචාර කරන බව...

    දෙවැන්න වත් සොහොයුරියගෙ ෴ නුඹ දුන්න මල රෝස ෴ හා ඔබේ නිර්මාණය අතර ඔය කියන විදිහෙ දෙයක් මට නම් පේන්නෙ නැහැ...
    එකම වස්තු විෂය දිහා ඔබ දෙදෙන එකම ඇසකින් බලා තිබුණත් ඉදිරිපත් කර තිබූ ආකාරයන් වෙනස් බවයි මට නම් තේරෙන්නේ...

    ඇතැම් විට වත් අක්කගේ නිර්මාණය ඔබේ සිතේ කරකැවි කැවි තිබිල වචන වලට පෙරලෙන්නැති වෙනත් විදිහකට...
    නිර්මාණ අමු අමුවේ කොල්ලකන මේ සමාජයේ ඔබ අතින් වරදක් සිදුවුණායැයි සිතා ඊට සමාව ඉල්ලන ඔබේ නිහතමානීකමට මම නැවත වරක් හිස නමා ආචාර කරමි...

    ReplyDelete
  9. මා වෙනුවෙන් වචනයක් පැවසුවාට බොහොම ස්තුතියි. . .

    මගෙන් වරදක් උනත් නැතත් අනිත් අය එසේ සිතනවා නම්,මා නිසා අපහසුතාවට පත් වුනානම් එයට සමාව ඉල්ලිම මගේ යුතුකමයි.

    ReplyDelete

කියවලා ඔබගේ අදහස් දක්වන්න හොද නරක අඩුපාඩු කියන්න
ඔබේ ඒ අදහස් මා දිරිගන්වයි මා නිවැරදි කරයි
ඔබලාට බොහොම ස්තුතියි. . .