හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

Sunday 5 September 2010

සෑය බඳිමි. . .


රුවන්වැලි සෑය වගේ නුඹ මට
නමුදු තවම කොත් පළදවා නැති
දුටුගැමුණු රජ දවස මතකද නුඹට
හරියටම ඒවාගේමයි මට අමතක නැති

නිමවන්න පෙර මරණාසන්න වීය රජු සෑය
නිමවා මිස නොමියෙමි තිර අදිටනක වීය ඔහු
සැදුවෙමි ඔබ නමින් මමද මගේ සෑය
මමද නිමවන්නෙමි නොකර කිසිදා අත පහු

නැතත් සවිය මගේ ගතේ
ඇතේ සවිය මගේ සිතේ
ලියා ඇති පරිදි පොත පතේ
නිමවිය දුටුගැමුණු වැඩ කොතේ


අවැසිය සහය ඔබේ මට සසර පුරාවට
ඉන්නවා නේද නුඹ මගේ ළග නිරතුරාවට
චුඩාමානික්‍ය සෑයේ ඔබේ පළදවන්නට
බලා ඉන්නෙමි සබද එදින එනතුරාවට


එදින එනතුරාවට බලාඉන්න
මම

. . .හසී රන්. . .

7 comments:

  1. ලස්සනයි...
    පැතුම් ඉටුවේවා කියලා පතනවා...

    ReplyDelete
  2. මාත් සෑය බැන්දා..ඒ ගැන කියලා ආපහු බලද්දී මෙන්න මෙයත් සෑය බැඳලා...

    ReplyDelete
  3. Jeew @

    බොහොම ස්තුතියි සුභ පැතුමට

    ReplyDelete
  4. මාරයාගේ හෝරාව @

    හම්මෝ මෙන්න මාරයියා ඇවිත් මේ පැත්තේ බොහොම සන්තෝසයි අපිව බලන්න ආවට
    ඒ වගේම බොහොම ස්තුතියි

    ඒ සෑයේ වග එසේ නිම විය මේ සෑය කෙසේ නිම වෙයිද?

    ReplyDelete
  5. බැඳලම බලමු.කොහොම වෙයිද කියලා...
    යකඩෝ මාරයා එනවට සතුටු වෙන අයත් ඉන්නවදැ..?

    ReplyDelete
  6. ආයෙත් අහලා මාරයාගේ අවධානයට ලක් විමත් සුලුපටු කාරියක් නෙවෙයි නොවැ...

    බොහොම සන්තොස මොකද දන්නවද අයියේ.මම මේ බ්ලොග් ලියන්න පෙලබවිම ඇති කලේ ඔබේ ලිපි විම ඒ හේතුවයි.
    ඉතින් මාරයියා හැමදම උනත් එනවානම් මම කැමති.
    කවි කතා නම් කොහොමත් ලියනවා.
    එත් මේ බ්ලොග් ලිවිමේ මගේ ගුරුතුමා ඔබ ලෙසයි
    මා නම් සලකන්නේ...

    ReplyDelete
  7. නගේ.. පුදුම සතුටක් වගේම දුකකුත් ඇති උනා.
    අවසාන වතාවට මට ගෝලයෝ හිටියේ මීට අවුරුදු දෙකකටත් කළින්..
    ඊට පස්සේ ගෝලයින් හැදීම නැවතිලා තිබුනේ..අද ඒ දරුවෝ හොඳින් ඉගෙන ගන්නවා.සමහරු හොඳ රැකියාවල්වල නිරත වෙමින් යහපත් ජීවිත ගත කරනවා. ඒ ගැන මතක් උනහම දුකක් වගේම සතුටක් ඇති වෙන එක වලක්වන්න බැහැ.

    කොහොම උනත් කමක් නැහැ. මම නොදැන හෝ බිහි වූ මගේ අළුත්ම ගෝලයා ගැනත් මට සතුටුයි. හොඳින් කරගෙන යන්න.

    ReplyDelete

කියවලා ඔබගේ අදහස් දක්වන්න හොද නරක අඩුපාඩු කියන්න
ඔබේ ඒ අදහස් මා දිරිගන්වයි මා නිවැරදි කරයි
ඔබලාට බොහොම ස්තුතියි. . .