
මගේ හිත ප්‍රීතියෙන් පිනා යයි
මගේ මනදොළ අමාවක සිට ක්‍රමයෙන්
වෙනස් වෙයි පුර්ණ චන්ද්‍රයා කරා
කවදා හෝ ඔබ මා හමු වු විට. . .
පැමිණි ජීවිත ගමනේ ගිම්හානය නිමා කරමින්
වසන්තය කැදවයි යළි මා වෙත
කවදා හෝ ඔබ මා හමු වු විට. . .
නමුදු ඔබ මා හමුවෙතැයි මා මනස කීවද
බියක් දැනෙයි හදවතට අපි
කවදාවත් හමු නොවුනොත්
මේ වේදනාව මට ජීවිතයටම උරුම වෙයි කියා
නමුත්,
කවදා හෝ ඔබ එතැයි හදවත නිතර කියයි
මම මගේ ජීවිතයෙන්
කිසිවක් නො ඉල්ලමි
මහත් නො ඉවසිලිමත් බවක්
හද තුළ තෙරපෙයි
අනේ කවදා හෝ ඔබ හමු වේ නම්
දැනේවි එදිනට ලොවම
මගේ පාමුල ඇති වග. . .
**********
නොඉවසිල්ලෙන් බලා හිදින මම
. . .හසී රන්. . .
No comments:
Post a Comment
කියවලා ඔබගේ අදහස් දක්වන්න හොද නරක අඩුපාඩු කියන්න
ඔබේ ඒ අදහස් මා දිරිගන්වයි මා නිවැරදි කරයි
ඔබලාට බොහොම ස්තුතියි. . .