
පෙම්වත ඔබ කොහිද
ලෝකයේ මා දමා තනිව
ගියේ නුඹ කොයිබටද
නිතර විමසයි මගේ හදවත
අතින් අල්ලා තුරුලු කර ගත්
පෙර දවස කොතරම් සොදුරුද
නුඹ නැතිව වැලපෙයි සිතත්
කාලය කොතරම් නපුරුද
නුඹෙ ඔය ලය මත ඩ්Oගක් හිස තියන්න
උණුහුමට ආසයි තුරුලු වී ඉන්න
නොඉදුල් දෙතොල මගේ සිපගන්න
ජිවිතෙන් එක දිනක් මට දෙන්න
මේ කුසුම පර වෙන්න පෙර
සමනලයෝ නුඹ එන්න
අවසන් හුස්ම හෙලන්නට පෙර
මා දකින්නට නුඹ එන්න. . .
පරවන්න යන කුසුම මම
. . .හසී රන්. . .
ඇත්තටම හරිම ලස්සනයි හසී,ඔයාගෙ ඔය හීනය සැබෑ වේවි,මගේ සුබ පැතුම් !!! හැමදාම........
ReplyDeleteමහ ලොකු හීනයක් මට නැහැ එකම එක බලාපොරොත්තුව
ReplyDeleteඅවසන් හුස්ම හෙලන්නට පෙර
මා දකින්නට නුඹ එන්න. . .
එච්චරයි මට ඒ ඇති :)
ඔයාට බොහොම ස්තුතියි යාලුවේ!!!
නියමයි..!
ReplyDeleteබොහොම ස්තුතියි මේ පැත්තේ ආවට අක්කියෝ...
ReplyDeleteඔයාගේ බ්ලොගයත් මම ආසාවෙන් බලනවා