හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

Thursday 1 July 2010

නිවන

මුව අග හසරැලි හිත තුල නැත්තම්
වදනක මුදු බව හද තුල නැත්තම්
අනුන් ගේ දියුණුව උහුලන් නැත්තම්
නිවන් ලබන්නට කොහේදෝ වත්කම්


පැල ඉනිවැට ළග බවුන් වඩන සිත
තරගෙට බුදු ගෙයි බුදුන් වදින අත
තව කෙනෙකුගේ දුක දකින බැරි නෙත
කවදා කොයි ලෙස නිවන් දකින්නද

මුදලට මිනිසත් කම විකුණනවලු
රැපියල් සත ළග දනින් වැටෙනවලු
මං වැරදුනු පසු දහම් අහනවලු
තුන් සිත රවටා නිවන් සොයනවලු

**********

නිවන් මගට පාර සොයන මම
. . .හසී රන්. . .

(මේක මගේ නිර්මණයක් නොවේ. ලස්සන පණිවිඩයක් හැමෝටම දෙන නිසා දැම්මා. මෙය අපේ දහම් පාසලේ එල්ලා තිබුනු කවි පන්තියක් කාගේ නිර්මාණයක් දැයි නොදනිමි. නිර්මාණකරු මාහට කමත්වා. )

2 comments:

  1. ලස්සන කවි පෙලක්. ස්තුතියි අප සමග බෙදා ගත්තට.

    සල්ලි බලය නිසා මිනිස්සු තිරිසන්නු වෙලා අද...

    අද තමා මේ බ්ලොග් එක දැක්කෙ. මගෙ බ්ලොග් එකේ දාපු කොමෙන්ට් එක දිගේ මේ පැත්තට ආවෙ. දිගටම ලියන්න. ජය.

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට

    දිරි ගැන්වීමටත් බොහොම ස්තුතියි මම බ්ලොග් කෙරුවාවට තාම අලුත් කෙනෙක්
    :D

    ReplyDelete

කියවලා ඔබගේ අදහස් දක්වන්න හොද නරක අඩුපාඩු කියන්න
ඔබේ ඒ අදහස් මා දිරිගන්වයි මා නිවැරදි කරයි
ඔබලාට බොහොම ස්තුතියි. . .