හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

Thursday 22 July 2010

මරණයට පෙර



පෙම්වත ඔබ කොහිද
ලෝකයේ මා දමා තනිව
ගියේ නුඹ කොයිබටද
නිතර විමසයි මගේ හදවත

අතින් අල්ලා තුරුලු කර ගත්
පෙර දවස කොතරම් සොදුරුද
නුඹ නැතිව වැලපෙයි සිතත්
කාලය කොතරම් නපුරුද

නුඹෙ ඔය ලය මත ඩ්Oගක් හිස තියන්න
උණුහුමට ආසයි තුරුලු වී ඉන්න
නොඉදුල් දෙතොල මගේ සිපගන්න
ජිවිතෙන් එක දිනක් මට දෙන්න

මේ කුසුම පර වෙන්න පෙර
සමනලයෝ නුඹ එන්න
අවසන් හුස්ම හෙලන්නට පෙර
මා දකින්නට නුඹ එන්න. . .


පරවන්න යන කුසුම මම

. . .හසී රන්. . .

4 comments:

  1. ඇත්තටම හරිම ලස්සනයි හසී,ඔයාගෙ ඔය හීනය සැබෑ වේවි,මගේ සුබ පැතුම් !!! හැමදාම........

    ReplyDelete
  2. මහ ලොකු හීනයක් මට නැහැ එකම එක බලාපොරොත්තුව

    අවසන් හුස්ම හෙලන්නට පෙර
    මා දකින්නට නුඹ එන්න. . .

    එච්චරයි මට ඒ ඇති :)

    ඔයාට බොහොම ස්තුතියි යාලුවේ!!!

    ReplyDelete
  3. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට අක්කියෝ...
    ඔයාගේ බ්ලොගයත් මම ආසාවෙන් බලනවා

    ReplyDelete

කියවලා ඔබගේ අදහස් දක්වන්න හොද නරක අඩුපාඩු කියන්න
ඔබේ ඒ අදහස් මා දිරිගන්වයි මා නිවැරදි කරයි
ඔබලාට බොහොම ස්තුතියි. . .