හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

Wednesday 14 July 2010

මේ ගීතය නුඹ වෙනුවෙනුයි අයියණ්ඩියේ. . .




පාරමි දම් පුරමු අප දෙදෙනා
මටම අයියණ්ඩියක වී නුඹ
නැගණි වී මා එකම මවි කුස
සසර මතු උපත ලබනට
පාරමි දම් පුරමු අප දෙදෙනා. . . .

ගවුම් පොඩියක් මටත් අන්දා
කොණ්ඩ කරලක් හිස පලන්දා
යනෙන මාවත දකුණු පැත්තෙන්
මාව පාසල් එක්කරන් යන
මටම ඔබ අයියණ්ඩියක වේවා
ජාති ජාතිත් ස0සාරේ. . . . .

පාරමි දම් පුරමු අප දෙදෙනා. . . .

ලමාවිය ඉක්මවා දවසක
ප0චකල්‍යාණියක වී මා
සිරිත් ලෙස කුලගෙයට යන දා
හීනයක් සේ මතක් වෙයි මට
අපේ හසරැල් බිදුනු පෙම් ලොකේ
පුර්ව ආත්මෙක ස0සාරේ. . . . .

පාරමි දම් පුරමු අප දෙදෙනා. . . .


පුදුම තරම් හිතට දැනෙන ගීතයක් තේරුම පුදුමාකාර ලස්සනයි
කැමති නම් ඔයාලත් අහන්න

තේරුම පුදුමාකාර ලස්සනයි
මට සහෝදර සහෝදරියෝ නැති නිසා හුගාක් හිතට දැනුනා
මගේ යාලුවො කියනෙ නැති එකමයි හොද කියලා
ඒ ඒයාලාට ඉන්න නිසා
ඒත් අපිට යමක් නැති උනාමයි එහි අගය අපට දැනෙන්නේ
කොච්චර රණ්ඩු උනත් ගහගත්තත් ඒ අය අතර ඇති බැදිම නැති වෙන්නෙ නැහැ
ඒක නිසා මොනා උනත් සහෝදරයෝ නැත්තම් හොදයි කියලා හිතන්න එපා

මේ ගීතයෙන් කියවෙන්නේ ඊටත් වඩා ගැඹුරු අර්ථයක් ඒ අත්දැකිමකුත් මට තියනවා
මේ ගීතය නුඹ වෙනුවෙනුයි අයියණ්ඩියේ. . . . . . . . . .

ඒ නිසා ,

ඔබේ නැගණිය වන්නට බලා හිදින මා


. . .හසී රන්. . .

4 comments:

  1. හරිම ලස්සනයි.. අද තමා ඔයාගේ බ්ලොග් එක මුලින්ම කියෙව්වේ...

    ReplyDelete
  2. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට මම බ්ලොග් කෙරුවාවට තාම අලුත් කෙනෙක් :D

    ReplyDelete
  3. මොන අය්යණ්ඩිටද මේක කිව්වේ????????අපිත් දන්න කෙනෙක්ද? :D

    ReplyDelete
  4. ඔයා දන්න ප්‍රශ්න වලම උත්තර හොයන්නේ ඇයි?
    මේක කිව කෙනා ඔයා හොදටම දන්න කෙනෙක්.
    එත් එයා මේක දකින එකක් නැහැ :(

    ReplyDelete

කියවලා ඔබගේ අදහස් දක්වන්න හොද නරක අඩුපාඩු කියන්න
ඔබේ ඒ අදහස් මා දිරිගන්වයි මා නිවැරදි කරයි
ඔබලාට බොහොම ස්තුතියි. . .