හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

Monday 20 September 2010

හිමි සද


සිතක ඇති දුක් වේදනා කවියේ නුඹේ ලියවිලා
පද පෙලක් අතර ඇති අරුම කිම සැගවිලා
ආදරය ආදරය ඉල්ලනේ කොදුරලා
හද සුසුම යන්න යයි බොල් සුලගේ පාවෙලා

හැමදාම හිත අඩයි අහිමි දේ ඉල්ලලා
දුරක ගිය මතකයන් ගැනම සිහිකරාලා
හිත දැවෙයි උහුලන්නේ කොම මම ඉවසලා
දුක අරන් ගී ලියමි සැනසෙන්න පතලා

කවිකාරි මා නොවේ ගී සින්දු පබදිනා
හැඩකාරි මා නොවේ නුඹේ ලොවම කලඹනා
මනහාරි මා නොවේ මනසේ නුඹේ ඇවිදිනා
හිතුවක්කාරි වෙමි නුඹව අමතක නොකරනා

ආදරේ දුක් ගීය ගයමි මම තනිවෙලා
නුඹ ගියත් දුර ඈත මා දමා පියඹලා
සෙවනැල්ල මම නොයමි නුඹව අතැරලා
දිවි ගෙවමි මගේ ලොව හිදිමි මා තනිවෙලා

ජිවිතේ හසරැල්ල මා දමා දුර ගියා
වසන්තය නුඹ හා හොර රහසේ පැන ගියා
කදුල මා බලාලා නිතර ඇවිල්ලා ගියා
මරණේ එයි කවදා හරි මාත් ඔහු හා ගියා

සිත මගේ නුඹ ගාව එය පරිස්සම් කර තියා
ගෙන එන්න මගේ මළගම දිනට අමතක නොකරලා
හැඩුවත් නෑසියන් හොර හිතක් ළග තියා
නාඩන්න මම හිදිමි නුඹේ එනතෙක් පෙර මග බලා

සසරේ හැමදා නුඹ හා එක මග යන්න
හැම භවයේම මා වෙනුවෙන් උපදින්න
හසකැන් වසන්තය මා වෙත ගෙන එන්න
අවසන් පැතුම නුඹ මගේ හිමි සද වන්න


අවසන් පැතුම පතන
මම

. . .හසීරන්. . .

6 comments:

  1. හසිනි නංගියේ...

    දි....ග පදවැල් ලියන්න තරං..
    දිග කතාවක්ද..?

    මන්දා මට හිතුන හැටි තමා..
    එක අතකට නොහිතා ඉන්න එකත් කොයි තරං හොඳයිද..?

    ReplyDelete
  2. ර ත් ග ම යා @ බොහොම ස්තුතියි සොදුරු ඉසව්වට ගොඩවැදුනට. . .

    ReplyDelete
  3. මාරයාගේ හෝරාව @
    හ්ම්ම් මේ පද වැල් අතර හැ0ගිලා ගිය ජිවිතේ පද තාමත් මම හොයනවා අයියා...
    හැම දෙයක් ගැනම ඕනවට වඩා නොහිතා ඉන්න පුලුවන්නම් කොච්චර හොදයිද???

    ReplyDelete
  4. එයනම් ඔඛෙ පැතුම..එය එළෙසම ඉටු වෙවා...

    සමහර දේවල් ඒ අයුරින්ම ඉටුවීමත් භයානකයි...

    ReplyDelete

කියවලා ඔබගේ අදහස් දක්වන්න හොද නරක අඩුපාඩු කියන්න
ඔබේ ඒ අදහස් මා දිරිගන්වයි මා නිවැරදි කරයි
ඔබලාට බොහොම ස්තුතියි. . .