හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

Monday 6 December 2010

අපි අපේම වෙනවා නම්. . .


පෙරදාක මගේ ලෝකෙට නුඹ ඇවිදින්
තබා ගිය ඔබේ පා සටහන් වල උණුසුම
මැකිලා ගියේ නෑ තාමත් මගේ රත්තරන්
එත් නුඹේ ලෝකෙට ම
¡ බර වැඩි හැමදාටම


මගේ දුකත් නුඹේ කරන්
ඔය හිත දුක් විදින තරම්
ඒ නිසාම නුඹට හොරෙන්
යන්නට යමි සදහට මම්. . .

ළගට වෙලා ආදරයෙන් ඉන්නට නැති උනත් වරම්
නුඹේ ලෝකේ කිරුළු පළන් රැජින වෙන්න පැතුවේ මම්
ඒ සුන්දර හීන ලොවෙන් පියවි ලොවට ඇවිල්ලා මම්
නුඹේ සුවදත් අරන් හොරෙන් පිටමන් වෙමි නොකියාම මම්. . .

රීදි තරුවෙන් මග සළකුනු අහන්
හිනා කැකුලු මල් පුබුදු කරන්
නව කුරුලු වෙසක් හිතින් අරන්
හිටියා පෙරදාක අනේ මේ මන්. . .

මගේ ලොවම අදුරු කරන්
කදුලු මට දායාද කරන්
තරුව ගියා දුරක ඉතින්
කරන්නේ කිම් අසරණ මන්. . .

කදුලු පොලොවටත් බර වැඩි දන්නවද
ඉතින් මා කෙසේ ඒ කදුලු උහුලම්ද
හීනයේ මා දමා ඔබ යන්න යනවාද
ගැස්ම වී මේ හදේ හැමදාම ඉන්නවද. . .


නුඹ මගේම වෙන්න පතන
මම


. . .හසී රන්. . .

7 comments:

  1. දාලා ගිය අය වෙනුවෙන් අඬන එක ලොකුම මෝඩකමක්... පුළුවන් තරම් හිනාවෙන්න බලන්න...

    ReplyDelete
  2. hugak sathtui me wage soduru sithaka mahima dasin dakinna pin kala eka gana..ea tharam soduru adahas nangita thiyenne..mage sub pathum..

    ReplyDelete
  3. Jeew @ ~ ඔව් අයියා එක ඇත්තක්...
    වෙනස් වෙන ලෝකේ වෙනස් නොවෙන එකම දේ වෙනස් විම.
    බොහොම ස්තුතියි බලන්න ආවට...

    ruwan kumara maddage @ ~ අයියා වගේ ලස්සන නිර්මාණ කරන අයගෙන් ලැබෙන පොඩි ඇගයිමත් මහා හුගක් වටිනවා.
    බොහොම ස්තුතියි අයියේ...

    ReplyDelete
  4. ආ මෙන්න තවත් හසී කෙනෙක්.. :D

    ReplyDelete
  5. මාරම මාර ලස්සනයි..

    ReplyDelete

කියවලා ඔබගේ අදහස් දක්වන්න හොද නරක අඩුපාඩු කියන්න
ඔබේ ඒ අදහස් මා දිරිගන්වයි මා නිවැරදි කරයි
ඔබලාට බොහොම ස්තුතියි. . .