
සිතක ඇති දුක් වේදනා කවියේ නුඹේ ලියවිලා
පද පෙලක් අතර ඇති අරුම කිම සැගවිලා
ආදරය ආදරය ඉල්ලනේ කොදුරලා
හද සුසුම යන්න යයි බොල් සුලගේ පාවෙලා
හැමදාම හිත අඩයි අහිමි දේ ඉල්ලලා
දුරක ගිය මතකයන් ගැනම සිහිකරාලා
හිත දැවෙයි උහුලන්නේ කොම මම ඉවසලා
දුක අරන් ගී ලියමි සැනසෙන්න පතලා
කවිකාරි මා නොවේ ගී සින්දු පබදිනා
හැඩකාරි මා නොවේ නුඹේ ලොවම කලඹනා
මනහාරි මා නොවේ මනසේ නුඹේ ඇවිදිනා
හිතුවක්කාරි වෙමි නුඹව අමතක නොකරනා
ආදරේ දුක් ගීය ගයමි මම තනිවෙලා
නුඹ ගියත් දුර ඈත මා දමා පියඹලා
සෙවනැල්ල මම නොයමි නුඹව අතැරලා
දිවි ගෙවමි මගේ ලොව හිදිමි මා තනිවෙලා
ජිවිතේ හසරැල්ල මා දමා දුර ගියා
වසන්තය නුඹ හා හොර රහසේ පැන ගියා
කදුල මා බලාලා නිතර ඇවිල්ලා ගියා
මරණේ එයි කවදා හරි මාත් ඔහු හා ගියා
සිත මගේ නුඹ ගාව එය පරිස්සම් කර තියා
ගෙන එන්න මගේ මළගම දිනට අමතක නොකරලා
හැඩුවත් නෑසියන් හොර හිතක් ළග තියා
නාඩන්න මම හිදිමි නුඹේ එනතෙක් පෙර මග බලා
සසරේ හැමදා නුඹ හා එක මග යන්න
හැම භවයේම මා වෙනුවෙන් උපදින්න
හසකැන් වසන්තය මා වෙත ගෙන එන්න
අවසන් පැතුම නුඹ මගේ හිමි සද වන්න
අවසන් පැතුම පතන
මම
. . .හසීරන්. . .