
කදුලු එක්කර ලේත් කලවම් වුන
නුඹ දුන්න රෝස මල මට
ඒ රෝස මල කටු තිබුනත් වටිනවා හැමට වඩා
මන්ද ලොව කොතෙක් අය සිටියත්
නුඹ මටම එය දුන් නිසා
මා කදුලුත් ලේත් මුසු කර රකිමි මම
එය පණ දෙවැනි කොට
මලින් එන සුවදින් දැනෙන්නේ ඔබේ සුවදයි
එය මා අනන්තය කරා කැදවා යයි
ආදරය දැනෙයි මගේ හිත පතුලටම
නොමැති උනත් නුඹ මා ගාව දැන්
තාමත් එය ඇත මා ගාව
තුරුල් වීලා මගේ පපුවට
කටු ඇනී රිදුම් දෙයි හද
නමුත් තව තවත් තුරුල් කර ගනිමි
නුඹව මතකයට එන විට
ඒ දැනෙන වේදනාවද සුවයකි මට
කොතරම් මරණීය වේදනාවක් ගෙන ආවත්
ආදරෙයි මම හැමදාම නුඹහට. . .
නුඹට හැමදා ආදරය කරන
මම
. . .හසී රන්. . .
ලස්සන අදහසක්...
ReplyDeleteඒත් ඇයි තවම රෝස මල නුඹ ලඟ... දුන් කෙනා නොමැති නම් ඒ මලෙන් ඇති පල කිම... පරවන රෝස මල ඉවතලා ගන්න... කිසි දිනෙක පර නොවන... කටු තුඩග විසක් නැති....
ලස්සන ප්ලාස්ටික් රෝස මල....
සුවඳක් නැතත් දැනෙන්නේ.... නොරිදවයි එය ඔබට කිසි විටෙක..
බොහොම ස්තුතියි
ReplyDeleteකෘත්‍රිම දෙයකින් ලැබිය හැකිද පලක්
ඒ මල මා රිදෙව්වත්
එයට ආදරෙයි මා තවමත්
තුරුල් කර ඉන්නේ ඒ නිසයි ලේ ගැලුවත්. . .
පලක් නැතත්... රිදුමක් නොමැත...
ReplyDelete