හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

Monday 6 December 2010

සුළගේ මේ අහන්න. . .



හිත මිතුරු සුළග ළග එන
වැහි වළාවට කියන්
දැන් නොපැමිණ තව ටිකකින්
වැහි රැගෙන එන ලෙසින්
වැහි වැටුනොතින් කුඩේ නැතිව
අනේ ඔහු තෙමේවි ඉතින්
ඒ නිසා වහින්න එපා යැයි
පතමි ආදරෙන් නිතින්. . .

වැස්සේ තියන සැර ගති අද අඩු වේවා
මගේ පැතුම ඒ ලෙසින්ම ඉටු වේවා
මගේ හිමි සදුට කරදරයක් නොම වේවා
මහ වරුසාව අද පොද වැස්සක් වේවා

හැම කටයුත්තක්ම හොදින් අද කර ගන්න
කිසිම කරදරයක් නොවී හැමදා සතුටින් ඉන්න
මවුපියෝ පතන ලෝකය හෙට ලැබදෙන්න
හැකි වේවා දෙවියනි මගේ පණ "ඔහු" රැකදෙන්න

හැමදාම සසරේ ඔබ හා එකටම යන්න
එක් උනු දෙ අත් කවදාවත් වෙන් නොමවන්න
නුඹේ මව සේ ම හැමදා නුඹ ළග ඉන්න
පැතුමක් පතමි එය එලෙසම ඉටු වෙන්න


ඔහු නොතෙමෙන්න පතන
මම

. . .හසී රන්. . .

4 comments:

  1. අඳුරු ලලා වහිනා කළ
    මුළු පැත්තම තෙමෙන්න
    පාරේ යන ඔබ සැමවිට
    නොතෙමි ඉන්න බලන්න

    ReplyDelete
  2. මේ පැත්තට මුලින්ම සිතුවිල්ල ආවෙ අද
    සිතුවිල්ලට නම් හිතෙන්නෙ එලම ඉසවුවක් කියල
    “කියවලා ඔබගේ අදහස් දක්වන්න හොද නරක අඩුපාඩු කියන්න“
    කියල තිබ්බට සිතුවිල්ලට කියන්න නම් තියෙන්නෙ හොඳ විතරයිනෙ, නරකක් නෑනෙ!.
    දිගටම ලියන්න.

    ReplyDelete
  3. සිරකරුවා @ බොහොම ස්තුතියි

    Hasitha @ හාකො. . .

    මගේ සිතුවිල්ල @ බොහොම ස්තුතියි

    ReplyDelete

කියවලා ඔබගේ අදහස් දක්වන්න හොද නරක අඩුපාඩු කියන්න
ඔබේ ඒ අදහස් මා දිරිගන්වයි මා නිවැරදි කරයි
ඔබලාට බොහොම ස්තුතියි. . .