හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

හුදකලාවට පෙම් බදින සොදුරු හිතැත්තියකගේ සටහන්. . .

Monday, 6 December 2010

සුළගේ මේ අහන්න. . .



හිත මිතුරු සුළග ළග එන
වැහි වළාවට කියන්
දැන් නොපැමිණ තව ටිකකින්
වැහි රැගෙන එන ලෙසින්
වැහි වැටුනොතින් කුඩේ නැතිව
අනේ ඔහු තෙමේවි ඉතින්
ඒ නිසා වහින්න එපා යැයි
පතමි ආදරෙන් නිතින්. . .

වැස්සේ තියන සැර ගති අද අඩු වේවා
මගේ පැතුම ඒ ලෙසින්ම ඉටු වේවා
මගේ හිමි සදුට කරදරයක් නොම වේවා
මහ වරුසාව අද පොද වැස්සක් වේවා

හැම කටයුත්තක්ම හොදින් අද කර ගන්න
කිසිම කරදරයක් නොවී හැමදා සතුටින් ඉන්න
මවුපියෝ පතන ලෝකය හෙට ලැබදෙන්න
හැකි වේවා දෙවියනි මගේ පණ "ඔහු" රැකදෙන්න

හැමදාම සසරේ ඔබ හා එකටම යන්න
එක් උනු දෙ අත් කවදාවත් වෙන් නොමවන්න
නුඹේ මව සේ ම හැමදා නුඹ ළග ඉන්න
පැතුමක් පතමි එය එලෙසම ඉටු වෙන්න


ඔහු නොතෙමෙන්න පතන
මම

. . .හසී රන්. . .

අපි අපේම වෙනවා නම්. . .


පෙරදාක මගේ ලෝකෙට නුඹ ඇවිදින්
තබා ගිය ඔබේ පා සටහන් වල උණුසුම
මැකිලා ගියේ නෑ තාමත් මගේ රත්තරන්
එත් නුඹේ ලෝකෙට ම
¡ බර වැඩි හැමදාටම


මගේ දුකත් නුඹේ කරන්
ඔය හිත දුක් විදින තරම්
ඒ නිසාම නුඹට හොරෙන්
යන්නට යමි සදහට මම්. . .

ළගට වෙලා ආදරයෙන් ඉන්නට නැති උනත් වරම්
නුඹේ ලෝකේ කිරුළු පළන් රැජින වෙන්න පැතුවේ මම්
ඒ සුන්දර හීන ලොවෙන් පියවි ලොවට ඇවිල්ලා මම්
නුඹේ සුවදත් අරන් හොරෙන් පිටමන් වෙමි නොකියාම මම්. . .

රීදි තරුවෙන් මග සළකුනු අහන්
හිනා කැකුලු මල් පුබුදු කරන්
නව කුරුලු වෙසක් හිතින් අරන්
හිටියා පෙරදාක අනේ මේ මන්. . .

මගේ ලොවම අදුරු කරන්
කදුලු මට දායාද කරන්
තරුව ගියා දුරක ඉතින්
කරන්නේ කිම් අසරණ මන්. . .

කදුලු පොලොවටත් බර වැඩි දන්නවද
ඉතින් මා කෙසේ ඒ කදුලු උහුලම්ද
හීනයේ මා දමා ඔබ යන්න යනවාද
ගැස්ම වී මේ හදේ හැමදාම ඉන්නවද. . .


නුඹ මගේම වෙන්න පතන
මම


. . .හසී රන්. . .

Tuesday, 23 November 2010

නුඹ එනවා නම්. . .


පිණි විසිරුනු තණ පලසේ
අහසේ තරු සේ දිලිසේ
මගේ අත ගෙන එහි යන්නට
ඔබ එනවා නම්...

පෝදා පැයු සද සේ
මාගේ ජීවන අඹරේ
සසර පුරා පායන්නට
ඔබ එනවා නම්...

සයුරේ නැගෙනා රළ සේ
අහසේ නැගෙනා තරු සේ
නිමක් නොවනා ආදරේ දෙන්නට
ඔබ එනවා නම්...

බෝ මලුවේ මැටි පහනක් සේ
ඝනදුර දුරු කර හිරු සේ
එළිය ගෙන දි දිවියට හෙට
නුඹ එනවා නම්...


නුඹ එනකම් බලන් ඉන්න
මම


. . .හසී රන්. . .

Monday, 25 October 2010

උරුමය

උරුම දුක නම්
කුමක් කරන්නද විදිනු මිසක්
සතුට මිරිගුවක් නම්
කුමක් කරන්නද පසුපස යනවා මිසක්

හිතන්නට මා ළග පෙර මෙන් හිතක් නැති
කියන්නට මගේ සිතිවිලි අහන්න කෙනෙක් නැති
වත්මන අතීතය ගැන පසුතැවිලි නැති
අනාගතේ මා නම් උනු කෙනෙක් නැති

අතීතයේ ඔහු ළග සිටියා මතක ඇති
පෙරදා මැව් සිහිනය ගැන වගක් නැති
කොපමණ ඇඩුවත් කිරි නම් එරෙන්නැති
මගේ පණ යතත් ඔහු නම් එන්නේ නැති

හිතේ දුකට කවි පද මට ලියවෙන්නේ
නෙතේ කදුලු නැත තාමත් වියලෙන්නේ
අතිතයේ සෙවණැලි යළි මතුවන්නේ
කියන් සකිය කෙලෙසද මා වාවන්නේ

ගෙවෙන හැම දිනයකම
පෙර මග බලා ඉමි
මේ රුදුරු තනිකම
සමග දිනෙක සමුගමි

යන්න යමි බොහෝ දුරක
නුඹට නොපෙනෙනා ඈතක
වල දැමුවද නුඹ මතක
නොකරමි මම එය කිසි දිනෙක


නුඹ වල දැමු මතකය
මම


. . .හසීරන්. . .

Monday, 20 September 2010

හිමි සද


සිතක ඇති දුක් වේදනා කවියේ නුඹේ ලියවිලා
පද පෙලක් අතර ඇති අරුම කිම සැගවිලා
ආදරය ආදරය ඉල්ලනේ කොදුරලා
හද සුසුම යන්න යයි බොල් සුලගේ පාවෙලා

හැමදාම හිත අඩයි අහිමි දේ ඉල්ලලා
දුරක ගිය මතකයන් ගැනම සිහිකරාලා
හිත දැවෙයි උහුලන්නේ කොම මම ඉවසලා
දුක අරන් ගී ලියමි සැනසෙන්න පතලා

කවිකාරි මා නොවේ ගී සින්දු පබදිනා
හැඩකාරි මා නොවේ නුඹේ ලොවම කලඹනා
මනහාරි මා නොවේ මනසේ නුඹේ ඇවිදිනා
හිතුවක්කාරි වෙමි නුඹව අමතක නොකරනා

ආදරේ දුක් ගීය ගයමි මම තනිවෙලා
නුඹ ගියත් දුර ඈත මා දමා පියඹලා
සෙවනැල්ල මම නොයමි නුඹව අතැරලා
දිවි ගෙවමි මගේ ලොව හිදිමි මා තනිවෙලා

ජිවිතේ හසරැල්ල මා දමා දුර ගියා
වසන්තය නුඹ හා හොර රහසේ පැන ගියා
කදුල මා බලාලා නිතර ඇවිල්ලා ගියා
මරණේ එයි කවදා හරි මාත් ඔහු හා ගියා

සිත මගේ නුඹ ගාව එය පරිස්සම් කර තියා
ගෙන එන්න මගේ මළගම දිනට අමතක නොකරලා
හැඩුවත් නෑසියන් හොර හිතක් ළග තියා
නාඩන්න මම හිදිමි නුඹේ එනතෙක් පෙර මග බලා

සසරේ හැමදා නුඹ හා එක මග යන්න
හැම භවයේම මා වෙනුවෙන් උපදින්න
හසකැන් වසන්තය මා වෙත ගෙන එන්න
අවසන් පැතුම නුඹ මගේ හිමි සද වන්න


අවසන් පැතුම පතන
මම

. . .හසීරන්. . .

Sunday, 5 September 2010

සෑය බඳිමි. . .


රුවන්වැලි සෑය වගේ නුඹ මට
නමුදු තවම කොත් පළදවා නැති
දුටුගැමුණු රජ දවස මතකද නුඹට
හරියටම ඒවාගේමයි මට අමතක නැති

නිමවන්න පෙර මරණාසන්න වීය රජු සෑය
නිමවා මිස නොමියෙමි තිර අදිටනක වීය ඔහු
සැදුවෙමි ඔබ නමින් මමද මගේ සෑය
මමද නිමවන්නෙමි නොකර කිසිදා අත පහු

නැතත් සවිය මගේ ගතේ
ඇතේ සවිය මගේ සිතේ
ලියා ඇති පරිදි පොත පතේ
නිමවිය දුටුගැමුණු වැඩ කොතේ


අවැසිය සහය ඔබේ මට සසර පුරාවට
ඉන්නවා නේද නුඹ මගේ ළග නිරතුරාවට
චුඩාමානික්‍ය සෑයේ ඔබේ පළදවන්නට
බලා ඉන්නෙමි සබද එදින එනතුරාවට


එදින එනතුරාවට බලාඉන්න
මම

. . .හසී රන්. . .

Friday, 3 September 2010

අයදිමි සමා නුඹෙන්. . .


මා විසින් වරදක් කර ඇත.
වැරදි සිදුවිම මනුෂ්‍ය ගතිය බව මා ද ඔප්පු කර පෙන්වා ඇත.
ඇතිවු සිදුවිම පිළිබදව බලවත් කනගාටුව ප්‍රකාශ කරමි.
මා හිතාමතා එවැන්නක් නොකල බව ඔබ සියලු දෙනාටම දැනුම් දීමට කැමැත්තෙමි.

මා විසින් 30/08/10 දින පල කරන ලද ආදර රෝස මල නම් ලිපිය ඊට පෙර දින එනම්, 29/08/10 දින සොඳුරු සිත නම් බ්ලොග් අඩවියේ පලවු ෴නුඹ දුන්න මල රෝස෴ නම් ලිපිය හා බෙහෙවින්ම සමාන හා එහි පලවූ වචනද
ඒ ආකාරයෙන්ම යොදාගෙන ඇති බව ඉතා කනගාටුවෙන් ප්‍රකාශ කරමි .

මා හිතාමතා එවැන්නක් නොකල බව නැවත ද කියමි.

මම ද සොඳුරුසිතේ හිමිකාරිය වන වත්සලා සොයුරියට බෙහෙවින් ගරු කරමි.
මට ඇය ආසන්නයටවත් යා නොහැකි බවද ජේෂ්ඨ බ්ලොග් කරුවෙකු බවද මම දනිමි.
මම බ්ලොග් කරණයට අලුත් කෙනෙක්මි.
ඇයගේ ලිපිය කියවා එය මා සිත තුල තිබුනු බව මා පිළිගනිමි.
නමුදු මම ඇයගේ ලිපියෙහි වචන කොපි කිරිමක් නොකලෙමි.
පසුව මා හිතට පැමිණි අදහසක් ලිවෙමි.
එය මා ජිවිතයට ද සමීපය.
නමුත් වරදක් කිරිමේ අදහසක් මා තුළ නොතිබුනු බව සත්‍යකි. හදවතට එකගව මා එය පවසමි.
නමුත්, මා අතින් වැරැද්දක් වී යයි සොඳුරුසිතේ හිමිකාරිය වන ඇය හෝ ඔබලා සිතනවා නම් මම ඔබ සියලුදෙනා ගෙන් සමාව ඉල්ලමි.
මා හිතනා ආකාරයට ඇය සැබැවින්ම ගරු කල යුතු සොදුරු සිතක හිමිකාරියකි. ඇයට මා බෙහෙවින් ඇලුම් කරමි. ඇයට මගෙන් වරදක් වුවා යයි සිතිම ඉතා දුක්බර සිතිවිල්ලකි.
නමුදු , එය සිදුවී ඇත. කල යුත්තේ වරද නිවැරදි කිරිමයි.

සොඳුරුසිතේ හිමිකාරිය වන වත්සලා සොයුරියනි මා නුඹෙන් සමාව ඉල්ලමි.

මා නොදැනුවත්ව කල වරදට නුඹ සමාව දෙනු ඇතැයි මා සිතමි.

මා කල දෙයින් නුඹට යම් සිත් රිදිමක් වුනි නම් එයට මට සමාවුව මැනවි .

මා පිළිගන්නා පරිදි වරදක් කල පසු සමාව ඉල්ලිම කල යුතු වුවත්" නැවත එය නොකර සිටිම" ඉතා වැදගත් යයි සලකමි .

නිර්මාණකරුවෙකුගේ නිර්මාණය කොපි කිරිම එම නිර්මණකරුට කොතරම් වේදනාවක්දැයි මා හොදින් දනිමි.

" හිතාමතා නොකලත් වරද වරදමය" මා කර ඇත්තේ එයයි.

එබැවින් සියලුදෙනාගෙන් විශේෂයෙන් මා නිසා අපහසුතාවට පත් වු ඇයගෙනුත් නැවත සමාව ඉල්ලමි.

මේ කරුණ පිළිබදව මා දැනුවත් කල ෴සාඩම්බර හසී පවුල෴ සියල්ලන්ටම හදපිරි ප්‍රණාමය පුද කරමි.

එසේම මා නිසා ඔබලාද අපහසුතාවට පත් වුවා නම් එයටද සමාව ඉල්ලමි.


ඇගෙන් සමාව ඉල්ලන
මම
. . .හසී රන්. . .